23 January 2026

logo

නිව්යෝක් නගරයට මුස්ලිම් නගරාධිපතිවරයෙක්



ඇමෙරිකාවේ නිව්යෝක් නගරසභා මැතිවරණය ජයග්‍රහණය කිරීමට ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක සොහ්රාන් මම්දානී සමත් වී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ නිව්යෝක් නගරාධිපති ධූරයට පත් වූ පළමු මුස්ලිම් නගරාධිපතිවරයා වන්නේද ඔහු බවයි. 

උගන්ඩාවේ උපත ලැබූ සොහොරාන්, දකුණු ආසියානු සම්භවයක් ඇති තරුණයෙක් වීමත් විශේෂත්වයක්.

මම්දානිගේ ප්‍රගතිශීලි අදහස් හේතුවෙන් ලොව පුරා සමාජ මාධ්‍ය ඔස්සේ විශාල ජනප්‍රියත්වයක් හිමි කර ගැනීමට සමත් වී තිබෙනවා.  

(colombotimes.lK)