06 July 2025

logo

වගා හානි සිදු වූ ගොවීන්ට නොමිලේ ඩීසල්



පසුගිය යල කන්නයේදී නියඟය නිසා වගා හානි සිදු වූ ගොවීන්ට මාස් කන්නයේ වගා කටයුතු සිදු කිරීමට ඩීසල් නොමිලේ දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. 

ඒ අනුව අක්කර 65,000 ක ගොවීන්ට රුපියල් 17,000 බැගින් මෙම නොමිලේ ඩීසල් ලැබෙනු ඇති. 
 
රජය විසින් පොහොර මිල දී ගැනීමට ලබා දෙන රුපියල් 15,000 ක සහන මුදලට හා හෙක්ටෙයාර් එකකට රුපියල් ලක්ෂයක් බැගින් දෙන වන්දි මුදලට අමතරව මෙම සහනය ලබාදෙන බවයි එම අමාත්‍යංශය පැවසුවේ. 
 
පසුගිය මහ කන්නයේ දී චීන රජය විසින් මෙරට ගොවි ජනතාවට නොමිලයේ බෙදාදීම සඳහා ඩීසල් ලීටර් මිලියන 6.5ක් ලබා දුන් අතර කුඩා ප්‍රමාණයේ කුඹුරු වගා කරන ගොවීන් විශාල පිරිසක් තමන්ට හිමි ඉන්ධන කෝටාව ලබා ගැනීමට නොපැමිණීම නිසා ඩීසල් ලීටර් මිලියන 02ක් ඉතිරිව තිබූ බව ද එම අමාත්‍යාංශය පැවසුවා.
(colombotimes.lk)