මේ වනවිට පැහැර හැර ඇති සුරා බදු මුදල් එම සමාගම්වලින් අයකර ගැනීමේ නියෝගයක් සුරා බදු කොමසාරිස් ජෙනරාල්වරයා වෙත නිකුත් කරන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙනවා.
ඒ සමාජ ක්‍රියාකාරිකයෙකු වන සංජය මහවත්ත ඇතුළු පිරිසක් විසින්.
එහි වග උත්තරකරුවන් ලෙස සුරා බදු කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලා පිටිය, ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.
එමෙන්ම සුරා බදු ගෙවීම පැහැර හල මත්පැන් නිෂ්පාදන සමාගම් සඳහා නිකුත් කළ බලපත්‍ර අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් එම පෙත්සමේ සඳහන් වනවා.
(colombotimes.lk)