13 July 2025

logo

ගාසා තීරයේ රෆා නගරයට දැවැන්ත ගුවන් ප්‍රහාර



ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය විසින් දැවැන්ත ප්‍රහාර එල්ල කරමින් සිටින බවට පලස්තීන රතු කුරුස සංවිධානය පවසනවා.

ඒ අනුව නගර මධ්‍යයට ඊශ්‍රායල ගුවන් ප්‍රහාර විශාල සංඛ්‍යාවක් එල්ල වී ඇති බව සඳහන්.

එමෙන්ම මෙම ප්‍රහාර හේතුවෙන් විශාල පිරිසක් මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මීට අමතරව මිලියන 1.5ක ජනතාවක් මේ වනවිට රෆා නගරයට එක්රැස්වී සිටින බවද එම සංවිධානය පැවසුවා.

මෙම ප්‍රහාර සම්බන්ධයෙන් මින් පෙර රටවල් රැසක් අනතුරු අඟවා තිබූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
(colombotimes.lk)