PHOTOS | චීනය විසින් මැලේසියාවේ ඉදිකරන 'භූත නගරය'



චීනයේ විශාලතම දේපල සංවර්ධකයා වන Country Garden විසින් 2016 දී Forest City නමින් මෙගා-ව්‍යාපෘතියක් එළිදක්වා තිබෙනවා.

මැලේසියාවේ ඉදිකිරීමට නියමිත මෙහි සැලසුම වූයේ ගොල්ෆ් පිටියක්, ජල උද්‍යානයක්, කාර්යාල, බාර් සහ අවන්හල් ඇතුළත් පරිසර හිතකාමී අගනගරයක්.

එම සමාගම පැවසුවේ මම නගරයේ මිලියනයකට ආසන්න ජනතාවකට පහසුකම් ඇති බවයි.

නගර සැලැස්මෙන් 15%ක් මේ වන විට අවසන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙය සියලු මනුෂ්‍ය වර්ගයා සඳහා සිහින පාරාදීසයක් ලෙස නම් කර තිබුණත් මෙහිදී සිදුවන්නේ වෙනත් රටක පුද්ගලයෙකුට මැලේසියාවේ නිවසක් හිමිකර දීමයි.

නිවාස ව්‍යාපෘතිය Johor Bahru නගරය ආසන්නයේ දී ඉදිකරන අතර, එරට වැසියන් විසින් මෙය 'භූත නගරය' ලෙස හැඳින්වීමට පටන් ගෙන තිබෙනවා.

එයට හේතුව ඉදිකිරීම් සිදුකරන ප්‍රදේශයේ ඇති බියජනක ස්වභාවය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
(colombotimes.lk) 

Malaysia
Inside Forest City, a $100 Billion
The ghost town of Forest City | MalaysiaNow
Malaysia
China