30 May 2026

logo

හෙරොයින් සමඟ රන්මාල කොල්ලකරුවෙක් අත්අඩංගුවට



රන්මාල කොල්ලකෑමේ සිද්ධීන් රැසකට අවශ්‍යකර සිටි පුද්ගලයෙක් හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 200ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ බස්නාහිර දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක් අතරතුරදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 44ක් වන පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පොලීසිය සඳහන් කළේ අදාළ සැකකරු දෙහිවල, මිරිහාන, කඩුවෙල, හෝමාගම, කහතුඩුව, මොරටුව, වැල්ලම්පිටිය, නාරාහේන්පිට, කිරුළපන, කුරුඳුවත්ත සහ මෝදර යන ප්‍රදේශවලදි කාන්තාවන්ගේ ගෙලබැදි රන්මාල කොල්ලකෑමේ සිද්ධීන් රැසකට සම්බන්ධව අවශ්‍යකර සිටි පුද්ගලයෙක් බවයි.

එමෙන්ම සොරකම්කරන ලද යතුරුපැදියක් සහ කොල්ලකන ලද රන්මාල 05ක්ද අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී පොලිස් භාරයට ගත් බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)