2024 අයවැය මගින් පොරොන්දු වූ රාජ්‍ය අංශයේ සේවකයින්ගේ රුපියල් 10,000ක වැටුප් වර්ධකය අප්‍රේල් මස 10 වනදාට පෙර ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
එමෙන්ම අඩු ආදායම්ලාභී ජනතාවට සහනයක් ලෙස අප්‍රේල් මාසයේදී ලබා දෙන සහල් 10kgක ප්‍රමාණය එම මස 10 වැනි දිනට පෙර ලබා දීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
විශ්‍රාමිකයින් සඳහා වැඩි කළ රුපියල් 2,500ක මුදල ද අප්‍රේල් මාසයේ සිට ලබා දෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.
(colombotimes.lk)