13 November 2025

logo

රියදුරු බලපත්‍ර ලබා දීමට තෙවන පාර්ශවයක සහය



රියදුරු බලපත්‍ර කාඩ්පත්, තුන්වන පාර්ශවයක් මගින් ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා. 

ඒ, බොහෝ පිරිසකගේ රියදුරු බලපත්‍ර තවමත් ලබා දීමට නොහැකි වීම හේතුවෙන්. 
 
මීට අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබා ගැනීමට මේ වන විට සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව සඳහන් කළා. 
 
ඒ අනුව තෙවන පාර්ශවයක් හරහා රියදුරු බලපත්‍ර ලක්ෂ අටකට අධික ප්‍රමාණයක් මුද්‍රණය කිරීමට නියමිතයි.
 
මේ හරහා ලබා දීමට නොහැකි වූ රියදුරු බලපත්‍ර මාස 6 ක් හෝ 7 ක් තුළ ලබාදීමට සැලසුම් කර තිබෙනවා.
(colombotimes.lk)