11 January 2026

logo

රජයේ අතුරු සම්මත ගිණුම ඡන්ද විමසීමකින් තොරව සම්මත වෙයි



2025 වස‍රේ පළමු මාස 4 සඳහා වන ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනා සම්මතය අද (06) පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සම්මත වී තිබෙනවා.

එම මාස 04 සඳහා රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යාම සඳහා වූ අතුරු සම්මත ගිණුම පසුගිය 3 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

එමෙන්ම ඊයේ (05) සහ අද (06) ඒ සඳහා වූ විවාදය පාර්ලිමේන්තුවේදී පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වුණා.

(colombotimes.lk)