මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනේ ඉහළම ලකුණු ලැබූ දරුවන් 05 දෙනෙකු ගැන වාර්තා වනවා.
ඒ ඉහළම ලකුණු ලෙස 198 ක ප්‍රතිඵල ලබා ගත් දරුවන් ලෙසයි.
එම දරුවන්ගේ පාසල් වන්නේ ගෝතමී කනිෂ්ඨ විද්‍යාලය - ගම්පහ, සුමේද විද්‍යාලය - ගම්පහ, මහබෙලන ප්‍රථමික විද්‍යාලය - කළුතර, ශාන්ත ජොසප් විද්‍යාලය - අනුරාධපුර, විහාර මහා දේවි විද්‍යාලය - බදුල්ල යි.
එමෙන්ම මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 197 ලබාගත් දරුවන් 4 දෙනෙක් හා ලකුණු 196 දරුවන් 8 දෙනෙකු ලබා ගෙන තිබෙනවා.
මේ අතර මෙවර කඩඉම් ලකුණු සීමාව ඉක්මවා ගිය දරුවන්ගේ ප්‍රතිශතය 15.22% වන බවයි විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ.
පසුගිය වසරේ එම ප්‍රතිශතය වාර්තා වූයේ 14.64%ක් ලෙසයි.
විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ දිවයින සහ දිස්ත්‍රික් ශ්‍රේණිගත කිරීම් මෙවර නිකුත් කර නොමැති බවයි.
(colombotimes.lk)