01 July 2025

logo

හිටපු මන්ත්‍රීවරු පිරිසක් මහින්දව හමුවෙයි



හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් පිරිසක් අතර සාකච්ඡාවක් ඊයේ (27) පවත්වා තිබෙනවා.

ඒ කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදීයි.

මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන්ට අමතරව පසුගිය ජනාධිපතිවරණයේදී සිලින්ඩරය යටතේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සහය දැක්වූ මන්ත්‍රීවරු පිරිසක්ද එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

 
(colombotimes.lk)