04 May 2025


අරලියගහ මන්දීරය අසල මාර්ගයේ ආරක්ෂක කුටි ඉවතට



අරලියගහ මන්දිරයට යාබද කොල්ලුපිටිය මුස්ලිම් පල්ලියේ සිට රොටුන්ඩා වටරවුම දක්වා දිවෙන මාර්ගය යළි මහජනතාව සඳහා විවෘත කිරීමත් සමඟ එම මාර්ගය දෙපස තිබූ ආරක්ෂක කුටි කොළඹ මහ නගරසභාව විසින් ඊයේ (11) ඉවත් කර තිබෙනවා.

2005 වසරේ සිට වසර 19ක කාලයක් මෙම මාර්ගය ආරක්ෂක හේතූන් මත වසා දමා තිබුණා.

ඒ අනුව දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රවේශවීමට නොහැකිව තිබූ මෙම මාර්ගය වත්මන් ආරක්ෂක තත්ත්වය සමාලෝචනය කිරීමෙන් අනතුරුව යළි විවෘත කරන ලෙස නව රජය උපදෙස් ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)