පාතාල නායකයකු වන හරක් කටා බේරා ගැනීම සදහා කැබිනට් අමාත්‍යවරයකු හා එම අමාත්‍යවරයාගේ පුතෙකු දැඩි මෙහෙයුමක් දියත් කර ඇතිබව අභ්‍යන්තර ආරංචිමාර්ග මාර්ග සදහන් කරනවා.
මෙම අමාත්‍යවරයා සහ එම පුතා හරක් කටාගේ පාර්ශවයෙන් මුදල් ලබාගෙන ඇති අතර හරක් කටාට ලබා දී ඇති රැදවුම් නියෝග ඉවත් කරන ලෙසද දන්වා තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙම කැබිනට් අමාත්‍යාවරයා මහජන ආරක්ෂක අමාත්‍යවරයාට මෙන්ම පොලිසියේ ඉහළ නිලධාරීන්ටද හරක් කටා නිදහස් කර ගැනීම සදහා බලපෑම් කරමින් සිටින අතර ඔවුන්ගේ මේ උත්සාහය අනෙකුත් කැබිනට් අමාත්‍යාවරුන්ද දන්නා බව අභ්‍යන්තර ආරංචිමාර්ග වැඩිදුරටත් පවසනවා.
(colombotimes.lk)