උසස් අධ්‍යාපන විෂය නිර්දේශය යාවත්කාලීන කිරීමේ වැඩපිළිවෙළක් හඳුන්වා දීමට සැලසුම් කර ඇති බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පවසනවා.
එම විෂය නිර්දේශය අනාගත අභියෝගවලට ගැළපෙන ලෙස යාවත්කාලීන කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
ඊයේ (14) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ අදහස් පළකර තිබෙනවා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාඝවන් මහතා පැවසුවේ, සෑම සිසුවෙකුටම උසස් අධ්‍යාපනය ලබා දීම රජයේ වගකීමක් බවයි.
මීට අමතරව ජාත්‍යන්තර වශයෙන් පිළිගත් විශ්වවිද්‍යාල තුනක ශාඛා මෙරට පිහිටුවීමට සාකච්ඡා සිදු කරමින් පවතින බවද ඔහු අවධාරණය කළා.
(colombotimes.lk)