08 February 2026

logo

කොදෙව්වන්ගෙන් ස්කොට්ලන්තයට දැවැන්ත ඉලක්කයක්



2026 T20 ලෝක කුසලානයේ දෙවන තරගය මේ වන විට ස්කොට්ලන්ත කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙනවා.

ඒ Eden Gardens ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.

මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ස්කොට්ලන්ත කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.

තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 182ක් රැස් කිරීමට සමත්වුණා.

ඒ අනුව මෙම තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ස්කොට්ලන්ත කණ්ඩායමට හිමි වන ලකුණු සංඛ්‍යාව 183ක්.



(COLOMBOTIMES.LK)