02 May 2026

logo

මෙවර ICC මහා සභා රැස්වීම කොළඹදී



ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහා සභා රැස්වීමේ සත්කාරකත්වය මෙවර ශ්‍රී ලංකාවට හිමි වී ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

මෙම වසරේ ජූලි 19 සිට 22 වන දා දක්වා ICC මහ සභා රැස්වීම කොළඹදී පැවැත්වෙනු ඇති බවයි සිය X ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ.

මෙය ක්‍රිකට් සහ සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට විශාල වාසියක් අත්වනු ඇති බව ඔහු එහි වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)