කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල ,මාතර, හම්බන්තොට සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගීන් වාර්තාවීමේ වර්ධනයක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
එහි ඩෙංගු මර්ධන ඒකකයේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කංනන්ගර සඳහන් කළේ අප්‍රේල් මාසයේ පමණක් රෝගීන් 4,617ක් වාර්තා වී ඇති බවයි.
කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්කවල මේ හේතුවෙන් අද (28) විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
එමෙන්ම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 12දෙනෙක් මියගොස් තිබෙනවා.
(colombotimes.lk)
