10 February 2025


මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයන් 14ක් නාවික හමුදා භාරයට



ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (08) රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවර යාත්‍රා 2ක් සිය භාරයට ගෙන තිබෙනවා.

ඒ මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාවේදීයි.

එහිදී ධීවර යාත්‍රාවල සිටි ධීවරයන් 14දෙනෙක්ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

එම ඉන්දීය ධීවරයන් පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා කිළිනොච්චිය සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිත බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)