02 May 2026

logo

සජිත්ටත් ඉන්දියාවෙන් ආරාධනයක්



නිල සංචාරයකට පැමිණෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ද ඉන්දියාවෙන් නිල ආරාධනයක් ලැබී තිබෙනවා.

එරටට පැමිණෙන ලෙස අවස්ථා කිහිපයකදීම විපක්ෂ නායකවරයාට ආරාධනා ලැබී තිබූ බව එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ප්‍රකාශ කළා.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා යොදා ගත් අත්‍යවශ්‍ය රාජකාරි අවසන් කර නොබෝ දිනෙකින් ඉන්දියාව බලා පිටත්ව යන බව මහලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)