නයිජිරියානු ආරක්ෂක අංශ එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාවකින් ජිහාඩ් සටන්කාමීන් 35දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ කැමරූන් දේශසීමාව ආසන්නයට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරවලින් මෙම ජිහාඩ් සටන්කාමීන් ජීවිතක්ෂයට් පත් වූ බවයි.
ජිහාඩ් සටන්කාමීන් විසින් නයිජිරියාව වෙත එල්ල කිරීමට සැලසුම් කර තිබූ ප්‍රහාරයක් වළක්වාලමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.