07 January 2026

logo

සුව ඇමතිට එරෙහි විශ්වාසභංගය අද විවාදයට



සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද, හෙට සහ අනිද්දා (06, 07, 08) යන දින තුන තුළ විවාදයට ගැනීමට නියමිතයි. 

පාර්ලිමේන්තුව පෙරවරු 9.30 ට රැස්වීමට නියමිතයි. 
 
ඒ අනුව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ගත් තීරණයකට අනුව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව අද පෙරවරු 9.30 සිට පස්වරු 4.30 දක්වා විවාදයට ගැනීමට නියමිතයි. 
 
එමෙන්ම විශ්වාසභංග යෝජනාව දෙවන දිනටත් හෙට පෙරවරු 9.30 සිට පස්වරු 4.30 දක්වා විවාදයට ගැනීමට නියමිතයි. 
 
පෙර තීරණය කළ පරිදි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සිකුරාදා පෙරවරු 10.30 සිට පස්වරු 5.30 දක්වා විවාදයට ගෙන ඡන්ද විමසීමක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.
(colombotimes.lk)