17 December 2025

logo

දිස්ත්‍රික්ක 03 කට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමක්



මහනුවර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරලේ ප්‍රදේශයටත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රදේශයටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල ප්‍රදේශයටත් මෙලෙස නායයෑම් හා පස් කඳු කඩාවැටීම් අවදානමක් පවතින බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.
(colombotimes.lk)