17 January 2026

logo

ලංකා සතොස විසින් තවත් භාණ්ඩ දෙකක මිල පහළ දමයි



ලංකා සතොස විසින් තවත් භාණ්ඩ දෙකක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා. 

ඒ අනුව අද සිට සතොස මුං ඇට සහ කඩල මිල ද පහළ දමා තිබෙන බවයි නිවේදනය කළේ. 
 
මුං ඇට කිලෝවක රුපියල් 77 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 998 ක් වනවා. 
 
කඩල කිලෝවක මිල රුපියල් 9 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 540 ක්. 
 
ලංකා සතොස සම්පූර්ණ යොදය සහිත කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 22 කින් පහළ දැමු අතර ඒ අනුව එහි නව මිල රුපියල් 948 ක් වනවා.
(colombotimes.lk)