16 January 2026

logo

විශ්වවිද්‍යාල පනතට අනුමැතිය



විශ්වවිද්‍යාල (සංශෝධන) පනත් කෙටුම්පත අනුමත කර තිබෙනවා.

ඒ අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදීයි.

එහිදී විශ්වවිද්‍යාල (සංශෝධන) පනත් කෙටුම්පත සහ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ බඳවා ගැනීම්වලට අදාළ කරුණු පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා.

එමෙන්ම පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන්, මහාචාර්යවරුන් සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් (I වන ශ්‍රේණිය) අතුරෙන් පීඨාධිපතිවරයෙක්ගේ තෝරා පත් කර ගැනීම සඳහා පීඨ මණ්ඩලයට හැකියාව ලබාදීම, පීඨාධිපතිවරයෙක්ගේ ධූර කාලය සම්පූර්ණවීමට පෙර පීඨාධිපතිවරයක් ධූරයෙන් ඉවත් කිරීම සඳහා පාලක සභාවට හැකියාව ලබාදීම සහ පීඨාධිපතිවරයෙක්ගේ ධූර කාලය සම්බන්ධයෙන් සීමා හඳුන්වාදීම යන කරුණු මෙම පනත් කෙටුම්පතෙහි අරමුණු බවයි සඳහන් වන්නේ.

(colombotimes.lk)