16 January 2026

logo

පොලිස් පරීක්ෂකවරයෙක්ට වසර 07ක සිර දඬුවමක්



පොලිස් පරීක්ෂකවරයෙක්ට වසර 07ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

ඒ පුද්ගලයෙක්ට පහරදී තුවාල සිදු කිරීම සහ කෲර ලෙස වද හිංසා සිදු කිරීම හේතුවෙන්. 

මොණරාගල මහාධිකරණ විනිසුරු චින්තක ශ්‍රීනාත් ගුණසේකර විසින් මෙම නියෝගය ලබාදී තිබෙනවා.

අදාළ පොලිස් පරීක්ෂකවරයා 2020 වර්ෂයේ හම්බෙගමුව පොලිස් ස්ථානයේ සේවය කරන අතරවාරයේ මෙසේ පුද්ගලයට පහර දී තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම සිර දඬුවම සියඹලාණ්ඩුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් පරීක්ෂකවරයෙක්ට නියම වී තිබෙනවා.

එම පොලිස් නිලධාරියාට වසර 07ක සිර දඬුවමට අමතරව රුපියල් 10,000ක දඩයක් නියම තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)