පවතින අධික වර්ෂාවත් සමඟ මහනුවර අස්ගිරිය දොඩන්වල පටුමගේ විශාල කොටසක් ඒ අසල තිබූ සණස කාර්යයාලයක්ද සමඟින් ගිලා බැස තිබෙනවා.
ඒ හේතුවෙන් මෙම මාර්ගයේ වාහන ගමනාගමනයද අත්හිටුවා තිබෙනවා.
මෙම ගිලා බැසීම හේතුවෙන් ඇළ මාර්ග හා බෝක්කු අවහිරවී ඇති අතර තවදුරටත් වර්ෂාව ඇදහැලුණහොත් නිවාස රැසක්ද ජලයෙන් යටවීමේ අවධානමක්ද පවතින බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)