20 May 2026

logo

එප්පාවල ප්‍රදේශයේ වැවක තිබී ජීව අත්බෝම්බයක් හමුවෙයි



එප්පාවල, ඇඳගල නබඩවැවේ තිබී ජීව අත්බෝම්බයක් හමුවී තිබෙනවා.

ඒ නබඩවැව පාලම අසළ ඊයේ (18) පස්වරුවේ දිය නෑමට පැමිණි පුගලයෙක්ට වැව තුළ තිබියදීයි.

පොලීසිය සඳහන් කළේ එම අත්බෝම්බය තරමක් මලකඩ කා ඇති අතර, කිසියම් පුද්ගලයකු ඇඳගල - බුල්නෑව මාර්ගයේ පිහිටි නබඩවැව පාලම අසලින් මෙම බෝම්බය වැවට විසි කරන්නට ඇති බවට සැක කරන බවයි.

එමෙන්ම අදාළ බෝම්බය ඇති ස්ථානයට ආරක්ෂාව යොදවා ඇති අතර මේ පිළිබඳව තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා එම අත්බෝම්බය පුපුරුවා හැරීමට නියමිත බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)