14 May 2025


මෙරට මරණවලට ප්‍රධානතම හේතුව හෙළිවෙයි



මෙරට සිදු වන සමස්ත මරණ අතරින් 70%ක් අධි රුධිර පීඩනය හේතුවෙන් ඇති වන රෝගී තත්ත්වයන් හේතුවෙන් සිදු වන බව සෞඛ්‍ය අමාත්‍යාශයේ බෝ නොවන රෝග ඒකකය පවසනවා.

එම ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමින්ධි සමරකෝන් සඳහන් කළේ බෝ නොවන රෝග සම්බන්ධයෙන් 2021 වසරේ සිදු කළ සමීක්ෂණය මඟින් මෙරට ජනතාවගෙන් 34.8%ක් අධි රුධිර පීඩනයෙන් පෙළෙන බවට හඳුනාගෙන ඇති බවයි.

එම පිරිසෙන් 64%ක් ඒ සඳහා ඖෂධයක් භාවිතා නොකර බවටද හඳුනාගෙන තිබෙනවා.

(colombotimes.lk)