29 June 2025

logo

උඩරට වෙස් ඇඳුම් කට්ටලය ලෝක උරුමයක් කරයි



උඩරට වෙස් ඇඳුම් කට්ටලය ලෝක උරුමයක් බවට පත් කිරීම සඳහා පියවර ගන්නා බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.

උඩුගං බලා යන සංස්කෘතික උරුමය මතු පරපුරට දායාද කිරීමට සංස්කෘතික සංගායනාවක් අවශ්‍ය බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ඒ අනුව දිස්ත්‍රික් මට්ටමින් සහ ජාතික මට්ටමින් සංස්කෘතික සංගයනාව පැවැත්වීමට සමස්ත කලාකරුවන් ඒකරාශි වීම සඳහා කාලය එළඹ ඇතැයි ද ඔහු පෙන්වා දෙනවා.

මාතලේ බෞද්ධ මන්දිරයේ පැවති උරුමය උඩරට නර්තන පුහුණු පර්යේෂණ කේන්ද්‍රයේ 'උරුමයක අස්වැද්දුම' ජනගත කිරීමේ උත්සවයේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

(colombotimes.lk)