මැතිවරණ කොමිසම විසින් ජාතික ජන බලවේගය ලියාපදිංචි කර ඇති ආකාරය නීතිවිරෝධී බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ගොනුකර තිබෙනවා.
ඒ විනිවිද පෙරමුණේ ලේකම් නීතිඥ නාගානන්ද කොඩිතුවකු මහතා විසින්.
විනිවිද පෙරමුණ දේශපාලන පක්ෂයක් වශයෙන් ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කිරීමට මැතිවරණ කොමිසම ගත් තීරණයට එරෙහිව ඒ මහතා විසින් රිට් පෙත්සමක් ගොනු කර තිබෙනවා.
ඊට අදාළව මෙම මෝසම ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.
ජනතා විමුක්ති පෙරමුණේ කොටසක් වන ජාතික ජන බලවේගය දේශපාලන පක්ෂයක් වශයෙන් ලියාපදිංචි කිරීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව එම මෝසම තුළින් ඔහු කියා සිටිනවා.
(colombotimes.lk)
