24 November 2025

logo

යතුරුපැදියක් පෙරළී මාරක අනතුරක්



යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ පෙරළීමෙන් ඊයේ (01) මාරක අනතුරක් සිදුවී තිබෙනවා

ඒ හලාවත - කුරුණෑගල මාර්ගයේ තෝරගල්ල ප්‍රදේශයේදීයි.

එම අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 23ක් වන මැදදඹුව, බිංගිරිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.

(colombotimes.lk)