18 October 2025

logo

මිනිසා රසායනික වශයෙන් වෙනස්වීම ඇරඹෙයි



මිනිසාට බලපෑම් ඇති කරන නව භූ විද්‍යාත්මක කාල ඛණ්ඩයක් (Time Frame) පිළිබඳව විද්‍යාඥයින් පිරිසක් අදහස් දක්වා තිබෙනවා.

එය ආපහු හැරවිය නොහැකි ලෙස මානව සංහතියට පෘථිවිය මත සිදුවූ බලපෑමක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව විද්‍යාඥයින් පිරිස මේ පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශ කර ඇති බව ද එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා

විද්‍යාඥයින් සඳහන් කරන්නේ මෙම කාල ඛණ්ඩය ආරම්භ වූයේ 1950 වසරේ සිට බවයි.

එය 'බිම් බිංදුව' නොහොත් 'ground zero' ලෙස නම්කර තිබෙනවා.

මෙම කාලයේදී පෘථිවියේ සිදුවූ වෙනස්කම්, මානව ක්‍රියාකාරකම් මෙන්ම ගෝලීය පද්ධති කෙරෙහි ද විශේෂ බලපෑමක් එල්ලකර තිබුණා.

මේ හේතුවෙන් මිනිසාට සහ පරිසර පද්ධති වලට රසායනික බලපෑම් ඇති කර තිබෙන බව සඳහන්.

එම රසායනික ද්‍රව්‍ය න්‍යෂ්ටික අවි සඳහා භාවිතා කරන මිනිසා විසින් සාදන ලද විකිරණශීලී මූලද්‍රව්‍යයක් වන ප්ලූටෝනියම් හි පෙනුමට සමපාත වන බවයි විද්‍යාඥයින් පවසන්නේ.

එමෙන්ම එම බලපෑම් ඇති කිරීම 'මහා ත්වරණයේ' ආරම්භය ලෙසද ඔවුන් හඳුන්වා තිබෙනවා.

සංකීර්ණ ක්‍රියාවලියක් හරහා සිදුවන මානව, සමාජ, දේශපාලන සහ ආර්ථික වෙනස්කම් විවිධ පාරිසරික ප්‍රතිවිපාක සමඟ එක්ව ගෝලීය වශයෙන් වෙනස් වීම මහා ත්වරණය ලෙස හැඳින්වෙනවා.
(colombotimes.lk)