25 February 2025


සූදු ක්‍රීඩා නියාමනයට නව අධිකාරියක්



ශ්‍රී ලංකාව තුළ ඔට්ටු ඇල්ලීම සහ සූදු ආයතන ප්‍රමිතිකරණය කිරීම සඳහා නියාමන අධිකාරියක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ අනුව සමාජ හානි අවම කිරීම, සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සහ ආර්ථික වර්ධනය කිරීම සඳහා පුළුල් හා පුර්ණ විෂය පථයක් සහිත ස්වාධීන නියාමන ආයතනයක් ලෙස සූදු ක්‍රීඩා නියාමනය කිරීමේ අධිකාරිය පිහිටුවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඒ සඳහා වූ පනත් කෙටුම්පත කඩිනමින් සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය වෙනුවෙන් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා

 
(colombotimes.lk)