ශ්‍රී ලංකාවේ පළමු වරට බඩඉරිඟු, වී, මුං ඇට, තල, මෙනේරි, කව්පි, කුරක්කන් සහ උඳු ඇට ඇතුළු ධාන්‍ය වර්ග ආරක්ෂිතව වියළා ගැනීම සඳහා නව බීජ වියළීමේ යන්ත්‍රයක් හඳුන්වා දී තිබෙනවා.
Solar Tunnel Dryer ලෙස හැඳින්වෙන මෙම නව යන්ත්‍රය සම්පුර්ණයෙන්ම සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන අතර එය පසුගියදා වව්නියාව නෙළුක්කුලම ප්‍රදේශයේදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා.
ස්වාභාවික හිරු එළිය අඛණ්ඩව ලබා ගත හැකි වන පරිදි සම්පූර්ණයෙන් වීදුරුවලින් ආවරණ කර ඇති ගබඩා තුළ රාත්‍රී කාලයේදී වුවද බීජ වියළීම සඳහා අවශ්‍ය ප්‍රශස්ථ උෂ්ණත්වය කිසිදු වියදමකින් තොරව සූර්ය බලශක්තිය භාවිතයෙන් ලබා ගත හැකි වීම විශේෂත්වයක්.
(colombotimes.lk)