13 July 2025

logo

නව ගුරු පත්වීම් 2500ක්



පළාත් මට්ටමින් පවතින ගුරු හිඟය කඩිනමින් පියවා ගැනීමට රජය කැපවී කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ඒ අනුව එළඹෙන ජූලි 03 වනදා ජාතික පාසල් සඳහා නව ගුරු පත්වීම් 2500ක් ලබා දීමට කටයුතු සූදානම් කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඔහු මේ බව ඊයේ (12) ජනපති සමඟ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබෙනවා.
(colombotimes.lk)