colombotimes.lk
සිංහල | English

18 October 2024


අවුරුදු ගීතයක් විකෘති කළ පුද්ගලයින්ට වැඩ වරදියි



මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන විකෘති කළ අවුරුදු ගීතය පිළිබඳව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් මතයි.

එලෙස විකෘති කර ඇත්තේ, රෝහණ බැද්දගේ මහතා විසින් ගායනා කළ අවුරුදු ගීතයක් බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අදාළ ගීතය විකෘති කළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රකාශ කළා.
(colombotimes.lk)