colombotimes.lk
සිංහල | English

17 September 2024


නීති විරෝධීව මැතිවරණ ප්‍රචාරක ස්ටිකර් ප්‍රදර්ශනය කරන වාහනවලට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්



ජනාධිපතිවරණ කාල සීමාව තුළ මැතිවරණ නීති උල්ලංඝණය කරමින් පෞද්ගලික බස්රථ, ත්‍රී රෝද රථ ඇතුළු පෞද්ගලික වාහනවල එක් එක් අපේක්ෂකයන් ප්‍රවර්ධනය වන ආකාරයේ ඡායාරූප ඇතුළත් ස්ටිකර්, කොඩි ප්‍රදර්ශනය කිරීම පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි ලැබී තිබෙනවා.

එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එය 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම පිළිබඳ පනතේ 74 වන වගන්තිය යටතේ එය වරදක් වන බවයි.

ඒ අනුව වාහනවල එවැනි ස්ටිකර් අලවා තිබේ නම් ඒවා වහාම ඉවත් කිරීමට ක්‍රියා කළ යුතු බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනය පහතින්,



(colombotimes.lk)