04 July 2025

logo

පාප් වහන්සේ ගැන දැනුම්දීමක්



රෝමයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට රෝහලෙන් පිටව යාමට අවසර ලබාදී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ උන්වහන්සේට තවදුරටත් විවේක සුවයෙන් පසුවන ලෙසට වෛද්‍ය උපදෙස් ලබාදී ඇති බවයි.

පාප් වහන්සේ පසුගිය පෙබරවාරි 14වනදා ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේත කරගෙන හදිසියේ රෝහල්ගත කළා.

88 හැවිරිදි පාප් වහන්සේ අද දිනය තුළ රෝමයේ ජිමෙල්ලි රෝහලෙන් පිටවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

රෝහලෙන් පිටව යාමට පෙර පාප් වහන්සේ එහි කවුළුවකින් මහ ජනතාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා.

(colombotimes.lk)