06 July 2025

logo

ප්‍රමිතියෙන් තොර ඉන්ධන පිළිබඳව ප්‍රචාර ගැන විශේෂ නිවේදනයක්



පෙට්‍රල් සහ ඩීසල් සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්සේ පැතිරයන අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනතාවට දැනුම්දෙනවා. 

ඒ අනුව පසුගිය නොවැම්බර් 5 වනදා අලුයම කොළඹ වරායට සේන්දු වුණු ඩීසල් සහ පෙට්‍රල් 92 තොගයක් රැගත් MT ෆොස් පවර් නෞකාවේ පෙට්‍රල් 92 රසායනාගාර පරීක්ෂාවේදී ප්‍රමිතියට අනුකූල බව සහතිකවීමෙන් පසු ගොඩබෑමට අවසර දී තිබෙන බව එහි සඳහන්. 
 
එමෙන්ම ඩීසල් තොගයේ පරීක්ෂණ කටයුතු තවදුරටත් සිදුවෙන බැවින් එහි ප්‍රතිඵලය අනුව ඒවා ගොඩබෑම කෙරෙහි තීරණය කිරීමට නියමිත බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. 
 
අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්...
(colombotimes.lk)