පසුගිය දිනවලට සාපේක්ෂව මෙරට වෙළඳපොළේ රන් මිලෙහි අගය අද (14) සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද රන් අවුන්සයක මිල සටහන් වුණේ රුපියල් 969,108ක් ලෙසයි.
එය පසුගිය 09වනදා රුපියල් 983,946.00ක් ලෙස සටහන් වුණා.
එමෙන්ම අද කැරට් 22 ග්‍රෑම් 8ක මිල රුපියල් 250,750ක් දක්වා පහළ ගොස් තිබෙනවා.
මේ අතර කැරට් 22 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 31,350ක් දක්වා පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
කැරට් 22 රන් ග්‍රෑම් 1ක මිල පසුගිය 09වනදා රුපියල් 31,820ක් ලෙස සටහන් වුණා.
අද කැරට් 24 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 34,190ක් ලෙස සටහන් වී තිබෙනවා.
(colombotimes.lk)