12 July 2025

logo

සරසවි සිසුන්ට සිය ගැටලු කියන්න අවස්ථාවක්



මෙතෙක් කල් නොවිසඳුණු ශිෂ්‍ය ගැටලු ආමන්ත්‍රණය කිරීම සඳහා පැවැත්වූ ශිෂ්‍ය හමු මාලාවක් පසුගිය සති කිහිපය පුරා පවත්වා තිබෙනවා.

ඒ ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී සහ වෝඩ් පෙදෙස උසස් අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදීයි.

රාජ්‍ය විශ්ව විද්‍යාලවල සහ රජයේ උසස් අධ්‍යාපන ආයතනවල ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක කර තිබෙනවා.

තම අධ්‍යයන, සුබසාධාන ගැටලු සම්බන්ධයෙන් අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමේ අවස්ථාව එහිදී සරසවි සිසුන්ට හිමිවූ බවයි වාර්තා වන්නේ.

මේ වන විට ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, යාපනය විශ්ව විද්‍යාලය, වව්නියා විශ්ව විද්‍යාලය, ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා හික්ෂු විශ්ව විද්‍යාලය ආදි විශ්ව විද්‍යාල රැසක සහ රාජ්‍ය උසස් අධ්‍යාපන ආයතන කිහිපයක ශිෂ්‍ය සංගම් නියෝජිතයන් මෙම සාකච්ඡා මාලාව සඳහා එක්වී තිබෙනවා.

(colombotimes.lk)