ලසන්ත වික්‍රමතුංග ඝාතන විමර්ශනය ක්‍රියාවලිය සම්බන්ධයෙන් එක්දින විවාදයක් ලබාදීමට සූදානම් බව අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය ප්‍රකාශ කළා.
ඒ අද (07) පාර්ලිමේන්තුවේදීයි.
එහිදී ඇය වැඩිදුරටත් කියා සිටියේ ලසන්ත වික්‍රමතුංගගේ දියණිය අහිම්සා වික්‍රමතුංග තමා වෙත යොමු කළ ලිපිය සම්බන්ධයෙන් සැලකිලිමත් වන බවයි.
එමෙන්ම මෙම සිදුවීම රජය සමීපව නිරීක්ෂණය කරන බවත් දේශපාලනික අතපෙවීම්වලින් තොරව නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වය අපේක්ෂා කරන බවත් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා.