තම වගාවට ජලය යෙදීම සඳහා විදුලි මෝටරය සවිකිරීමට යාමේදී විදුලි සැර වැදීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ඒ කොක්අඩිචෝලය, තාන්තාමලය ප්‍රදේශයේදීයි.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 58ක් වන තාන්තාමලය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
පොලීසිය සඳහන් කළේ මෘත ශරීරය මඩකලපුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි.
(colombotimes.lk)
