30 May 2026

logo

විදුලිසැර වැදී පුද්ගලයෙක් ජීවිතක්ෂයට



වගා ඉඩමක් සතුන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා යොදා තිබූ අනවසර විදුලි රැහැනක ගැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඒ මොරවැව,යාය 06 ප්‍රදේශයේදීයි. 

මියගිය පුද්ගලයා වයස අවුරුදු 57ක් වන මොරවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පොලීසිය සඳහන් කළේ අදාළ පුද්ගලයා විසින්ම මෙම විදුලි රැහැන් යොදා ඇති බව මූලික විමර්ශනවල දී අනාවරණය වූ බවයි.

(colombotimes.lk)