colombotimes.lk
සිංහල | English

30 April 2024

පෙබරවාරි මස පුද්ගල මාසික වියදමට සිදු වූ දේ



ශ්‍රී ලංකාවේ වෙසෙන පුද්ගලයෙකුට මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසයකට අවශ්‍ය අවම මුදල රුපියල් 16,975ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මෙරට පුද්ගලයකුගේ මාසික විදයම ජනවාරි මාසයට සාපේක්ෂව පෙබරවාරි මාසයේදී අඩු වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

මෙම වසරේ පෙබරවාරි මාසය සඳහා වන නිල දරිද්‍රතා රේඛා සටහන නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කළා.

මෙම වසරේ පෙබරවාරි මාසයේදී ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මෙරට උද්ධමනය ඊට පෙර මාසයට සාපේක්ෂව පහළ ගොස් තිබීම මෙලෙස දරිද්‍රතා සීමාව පහළ යාමට ප්‍රධාන හේතුව බවයි සඳහන් වන්නේ.

කොළඹ දිස්ත්‍රික්කය තුළ වෙසෙන  පුද්ගලයෙකුට අවම මූලික අවශ්‍යතා සපුරා ගැනීමට රුපියල් 18,308ක් අවශ්‍ය බවත් අඩුම මාසික වියදම රුපියල් 16,231ක් ලෙස මොණරාගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළා.

(colombotimes.lk)