22 May 2026

logo

දැදුරු ඔයේ දිය නෑමට ගිය පුද්ගලයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට



දැදුරු ඔයේ දිය නෑමට ගිය පුද්ගලයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඒ මහව, බලගොල්ලාගම ප්‍රදේශයේදීයි.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 52ක් වන අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පොලීසිය සඳහන් කළේ අදාළ පුද්ගලයා විදෙස්ගතවීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ වෙත ගමන් කරමින් සිටින අතරතුරදී දැදුරු ඔයේ දිය නෑම සඳහා ගොස් ඇති අතර එම අවස්ථාවේදී දියේ ගිලී මෙම අනතුර සිදුවී ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවයි.

(colombotimes.lk)