03 May 2026

logo

ආයෙත් කොවිඩ් ඇවිත්



ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, චීනය, ඊශ්‍රායලය, කැනඩාව, ඩෙන්මාර්කය, දකුණු අප්‍රිකාව, ස්වීඩනය, නෝර්වේ, ස්විට්සර්ලන්තය සහ තායිලන්තය යන රටවලින් අළුත් කොවිඩ් ප්‍රභේදයක් හඳුනාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

පිරෝලා නොහොත් BA.2.86 නමින් මෙම නව ප්‍රභේදය හඳුන්වන බවයි එම වාර්තා පැවසුවේ. 
 
කොවිඩ් අරම්භක සමයේදී ව්‍යාප්ත වූ ඔමික්‍රොන් ප්‍රභේදයට වඩා මෙම ප්‍රභේදය බෙහෙවින් විකෘති වූ කොවිඩ් ප්‍රභේදයක් බවයි වාර්තා වන්නේ. 
 
උගුරේ අමාරුව, සොටු දියර ගැලීම හෝ නාසය අවහිර වීම, කැස්ස සහ හිසරදය වැනි රෝග ලක්ෂණ මෙම ප්‍රභේදය වැළඳුණ පුද්ගලයන්ට පෙන්වන බව ද සඳහන්.
(colombotimes.lk)