19 December 2025

logo

පූවා හෝල්ඩිංග්ස් සමාගමේ 'Achievers Night' සම්මාන රාත්‍රිය අති සාර්ථකව පැවැත්වෙයි (PHOTOS)



පූවා හෝල්ඩිංග්ස් සමාගමේ සාර්ථකත්වය සැමරීම වෙනුවෙන් සංවිධානය කෙරුණු 'Achievers Night' සම්මාන උළෙල 2024 ජනවාරි 05වන දින කොළඹ වෝටර්ස් එජ් හෝටලයේ දී අති සාර්ථක අන්දමින් පැවැත්වුණු අතර, එම සම්මාන උළෙලේ දී සමාගමේ කලාපීය බෙදාහැරීමේ නියෝජිතයින් ඇතුළු ප්‍රධාන පාර්ශ්ව රැසක් ඇගයීමට ලක් කෙරුණා. 

'Achievers Night' සම්මාන ප්‍රදානෝත්සවය සංවිධානය කිරීමේ ප්‍රධානතම අරමුණ වූයේ පූවා හෝල්ඩිංග්ස් සමාගමේ සාර්ථකත්වයට දායක වූ කලාපීය බෙදාහැරීමේ නියෝජිතායතන,ප්‍රධාන අළෙවිසැල් නාලිකා සහ YouTube නාලිකා ඇගයීමට ලක් කිරීමයි. 
 
2021 වසරේ දී ආරම්භ කරන ලද පූවා හෝල්ඩිංග්ස් සමාගම ඉතා කෙටි කලකින් ශ්‍රී ලාංකේය වෙළෙඳපොළ තුළ ශක්තිමත් ලෙස සිය ස්ථානය සනිටුහන් කිරීමට සමත් වී ඇති අතර, එම සමාගම 2023 වසරේ දී ඉහළ ම වෙළෙඳපොළ කොටස් හිමි කර ගත් සමාගම් ත්‍රිත්වය නියෝජනය කිරීමට සමත් වුණා. 
 
එමෙන් ම වර්තමානය වන විට TECNO සහ ITEL යන සන්නාම දෙකම මෙරටට ගෙන්වා බෙදාහැරීමේ නිල අලෙවි නියෝජිතයා ලෙසත්, අලෙවියෙන් පසු සේවා සපයන්නා ලෙසත්, ශ්‍රී ලාංකේය වෙළෙඳපොළ තුළ සිය ස්ථාවරත්වය ගොඩ නංවා ගැනීමට සමත් වී ඇති පූවා හෝල්ඩිංග්ස් සමාගම සිය පාරිභෝගික ජනතාව වෙත නවතම තාක්ෂණයෙන් යුත් නිෂ්පාදන ලබා දීමේ අරමුණින් 2023 වසරේ දී Huawei සමඟ එක් වුණා. 
 
ශක්තිමත් කලාපීය බෙදා හැරීමේ නියෝජිත ජාලය කින් සමන්විත පූවා හෝල්ඩිංග්ස් සමාගම ABANS, Singhagiri, Softlogic සහ Stelacom වැනි ප්‍රධාන සමාගම් සමඟ අත්වැල් බැඳ ගනිමින්, දිවයින ම ආවරණය කරමින් සුවිශේෂී බෙදාහැරීමේ සේවාවක් ලබා දෙනවා.
(colombotimes.lk)