PHOTOS | ඌරු මස් රසැති අලුත්ම කෝපි පානයක් චීනයට



ලෝක ප්‍රසිද්ධ කෝපි අවන්හල් ජාලයක් මඟින් කෝපි පානයට ඌරු මස් රසය එක් කරමින් චීනයට පමණක් වූ අලුත්ම කෝපි රසයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ චීනයේ චන්ද්‍ර අලුත් අවුරුද්ද සනිටුහන් කරමින්.

“Abundant Year Savory Latte” ලෙසින් ඔවුන් මෙම නව පානය නම් කර තිබෙනවා.

Dongpo Braised Pork Flavor Sauce කෝපි සහ කිරි මිශ්‍ර කර මෙම කෝපි පානය සාදනු ලබන බවයි සඳහන් වන්නේ.

ඌරු මස් රසැති මෙම පානයෙහි මිල යුවාන් 68 නොහොත් ඩොලර් 9.45 වන බව විදෙස් වාර්තා සඳහන් කළා.

(colombotimes.lk)
ඌරු මස් රසැති අලුත්ම කෝපි පානයට ඔයත් කැමතිද? (PHOTOS)