01 July 2025

logo

තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූ අයට හෙට සහ අනිද්දාත් අවස්ථාව



එළඹෙන ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීම පසුගිය 04, 05, 06 යන දිනයන්වල සිදු කෙරුණා.

එම දිනයන්වල ත්‍රිවිධ හමුදා සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවල සිටින කාර්ය මණ්ඩලය සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව හිමි වුණා.

ඒ අනුව පෙර සඳහන් කළ දිනවලදී තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන්ට හෙට (11) සහ අනිද්දා (12) යන දෙදින තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී තැපැල් ඡන්දය සලකුණු කිරීමට හැකියාව පවතිනවා.

(colombotimes.lk)